"කලාව යනු නිර්මාණශීලී මනුෂ්‍යත්මය
යථාර්ථයේ කැදවුමට දකවන ප්‍රතිචාරයයි
එය භාහිර යථාර්ථයේ අනුකරණයක් නොවේ.
එය යථාර්ථට දක්වන ප්‍රතිචාරකි."
-රවින්ද්‍රනාත් තාගෝර්-
Monday, November 27, 2017
Friday, November 17, 2017
බිම් සොහොන් ගෙවල් තුළ උපත ලද මුල් ක්‍රිස්‌තියානි කලාව
රෝමය කලාව සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉපැරැණි නගරයක් ලෙස ඉතිහාසය තුළ බෙහෙවින් කතා බහට ලක්‌වේ. ඓතිහාසික, දේශපාලනික, සංස්‌කෘතික වැදගත්කමක් ඇති මෙම ඉපැරැණි රෝම නගරය තුළින්ම "මුල් ක්‍රිස්‌තියානි කලාව" පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ. එවකට පැවැති ආගමික සමාජ, ආර්ථික, දේශපාලනික තොරතුරු රැසක්, මෙම කලා සම්ප්‍රදායට අයත් දෘශ්‍ය රූපක හරහා අර්ථ විග්‍රහ කර ගැනීමට හැකිව තිබේ. පැවැති සමාජ දේශපාලනික තත්ත්වයන් හමුවේ මෙම කලා සම්ප්‍රදාය බිහිවී ව්‍යාප්තව ඇත්තේ පැරණි රෝම නගරය තුළ ඉතා රහසිගත ආකාරයෙන් වීම එහි ඇති සුවිශේෂත්වයයි.
එවකට රෝම අධිරාජ්‍යයේ පෙරදිග කලාපයේ ක්‍රිස්‌තියානි ආගම සීග්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊජිප්තු, ඇසිරියානු ආදී බහුදේවවාදී ආගම්ද ඒ වන විට ඒකදේවවාදී ආගම් බවට පත්වූහ. නමුත් රෝමවරු ක්‍රිස්‌තියානි ආගම පිළිබඳව දරුණු අදහස් දැරූහ. එයට හේතු වූයේ යුදෙව්වන් විසින් ෙ-සුස් වහන්සේගේ දේශනා නිර්වචනය කළ ආකාරයයි. රෝම පාලකයන් විසින් ක්‍රිස්‌තියානි ආගම හා එම බැතිමතුන් ගැන පරීක්‍ෂා කොට වාර්තා කිරීමට පත් කළ අයගේ වාර්තා වලින්ද ක්‍රිස්‌තු ආගමිකයන් ගැන රෝම පාලනයේ ආකල්ප පැහැදිලි වේ. "ටැක්‌නියාස්" නම් වාර්තාකරුවාගේ වාර්තාවේ සඳහන් වූයේ "ක්‍රිස්‌තියානි භක්‌තිකයන් වනාහි පිරිහුන්, අශ්ලීල, හිතුවක්‌කාර, ඇදහිලි ක්‍රමයකට පුරුදු වූ නිසාවෙන්, ඔවුන් රෝම පාලනයේ ද්වේශයට ලක්‌වූ බවයි. "ට්‍රොaජන් අධිරාජ්‍යයා විසින් මේ පිළිබඳ පරීක්‍ෂා කිරීමට පත් කළ "ප්ලිනි" ගේ වාර්තාවෙහි සඳහන් වූයේ ක්‍රිස්‌තියානි ආගම වනාහි අධික ශ්‍රද්ධාවෙන් යුත් කිසිදු වැදගම්මකට නැති ආගමක් බවයි. ක්‍රිස්‌තු භක්‌තිකයන් රෝමවරු කෙරෙහි දැක්‌වූ ආකල්පයද එවැනිම එකකි. ඔවුන්ට අනුව සීසර්ගේ පාලනය වනාහි "රුධිර පිපාසිතවූද, නොනිමි යුද්ධ වලින් පිරුණාවූද, දුෂ්ට, කුරිරු මෙන්ම අධික තණ්‌හාකාරයන් කරපින්නාගත් මිනිසුන් විසින්ම මවාගත්, පඹයන් වැනි දෙවියන් ඇති යක්‍ෂයාගේ පාලනයක් යනුවෙනි. මෙකල රෝම අධිරාජ්‍යය විසින් ක්‍රිස්‌තියානි ආගම ඇදහීම සපුරා තහනම් කළහ. මෙම ආගම් භක්‌තිකයන් දරුණු වද බන්ධනයට ලක්‌කොට ඝාතනය කිරීමටද නියම කර තිබිණි. එනිසාම බොහෝ විචාරකයන් මෙම යුගය හඳුන්වනු ලබන්නේ "ආගමික වද බන්ධන යුගය" නමිනි. එම තත්ත්වය ක්‍රි.ව. 325 පමණ වන තෙක් පැවැති බව පෙනේ. රෝම නීතිය අනුව ක්‍රිස්‌තු භක්‌තිකයන්ට එම ආගම ඇදහීම වතාවත් වල යෙදීම, රැස්‌වීම් පැවැත්වීම, මළවුන්ගේ ආගමික වතාවත් කිරීම පමණක් නොව පෞද්ගලික දේපළ තබා ගැනීමටද ඉඩනොලැබිණි.
කුමන වද බන්ධන වලට ලක් වුවද ක්‍රිස්‌තු භක්‌තිකයන් රෝමයේ සෑම ප්‍රධාන නගරයකම වාසය කළ බවට තොරතුරු අනාවරණය වේ. ආගමික වතාවත් වල යෙදීම තම ආගම අදහන්නවුන් සඳහා රැස්‌වීම් පැවැත්වීම, මළවුන්ගේ ආගමික වතාවත් සිදු කිරීම ආදී සියලු කටයුතු සඳහා ඔවුන් තෝරාගනු ලැබුයේ පොළොවෙන් යට කොටසයි. ඒ සඳහා ඔවුන් බිම් සොහොන් සංකීර්ණ (CATACOMB) ඉදිකරන ලදී. රෝම රාජ්‍යයේ ප්‍රධාන නගර වලින් සැතපුම් 3 ක් 4 ක් ඈතින් පිහිටි ගොහොරු තණ බිම් වැනි තැන් තෝරාගෙන එම ස්‌ථාන වලින් ඉතා රහසිගතව ඇතුළු විය හැකි පරිදි උමං දේවස්‌ථාන සංකීර්ණ ඉදිකර තිබූ බවට තොරතුරු අනාවරණය වේ. මෙසේ ඉදිකරන ලද පූජා සොහොන් ගෙවල් ප්‍රමාණයද අති විශාල විය. ඉතා සංකීර්ණ වූ මින් සමහරක් කුඩා නගරයක් බඳු විය. පටු වූ ඉතා උස් බිම් උමං විශාල සංඛ්‍යාවක් තවත් එවැනිම උමං වලින් සම්බන්ධව තිබූ අතර ඒවා ඔස්‌සේ ගොස් දේවස්‌ථාන, රැස්‌වීම්ශාලා ආදියට ප්‍රවිශ්ට වීමට යොදා තිබිණි.
තම ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රද්ධාවන්තයන් වැනි අය සඳහා ප්‍රමාණයෙන් විශාල වූ ආරුක්‌කුවක හැඩය ඇති (ARCOSOLIUM) නමින් හැඳින්වූ සොහොන් කුහර නිර්මාණය කර තිබිණි. ඔවුන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ඉතා කුඩා වූ ඩෝමාකාර හා ඩෙල්ටාකාර පියසි වලින් යුත් ප්‍රජා ශාලාවන් කිහිපයක්‌ද මෙවැනි සංකීර්ණයක ඉදිකොට තිබිණි. ආගමික වතාවත් සිදුකිරීමට ඉදිකළ කුඩා දේවස්‌ථානය (CUBICLA) නමින් හැඳින්වේ. මෙම සොහොන් සංකීර්ණවල මෘත දේහ තැන්පත් කරනු ලැබුයේ (LOCULI) නමින් හැඳින්වූ බිත්තියෙහි ඇතුළට හෑරූ කුහරයක් තුළය. මළවුන්ගේ මෘතදේහ (LOCULI) කුහර තුළ තැන්පත් කිරීමේ හේතුව ලෙසට අනාවරණය වන්නේ (මෘතදේහ තුළින් ආත්මය නැවත නැඟිටීම) හෙවත් "උත්තානය" පිළිබඳ මොවුන් තුළ තිබූ දැඩි විශ්වාසයයි.
ක්‍රිස්‌තියානි ආගම හා සම්බන්ධව බිහි වූ මුල් ක්‍රිස්‌තියානි කලාව, මෙම (CATACOMB) ආශ්‍රය කොට ගෙන බිහිවී ඇති බව පෙනේ. මෙහිදී දැකිය හැකි සුවිශේෂී අංග ලෙස ගෘහ නිර්මාණාත්මක අංශ හා ඒහා බැඳුණු චිත්‍ර කලාව හඳුන්වා දිය හැකිය. මූර්ති නිර්මාණ ලෙසින් ගැනිය හැකි කෘති හමුව ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙහිදී වැඩි අවධානයක් යොමුq කරවිය හැකි වන්නේ, මේවා තුළ බිහි වූ චිත්‍ර කලාව කෙරෙහිය. මෙම චිත්‍ර ශිල්පීය වශයෙන් ගත් කළ එකල රෝමයේ පැවැති චිත්‍ර කලා සම්ප්‍රදායට හා ශෛලියට මූලික වශයෙන් සමාන කමක් දක්‌වයි. එහෙත් අතිශය දුෂ්කර, අඩු පහසුකම් සහිතව හිරු එළිය, පිරිසිදු වාතාශ්‍රය පවා නොමැතිව ජීවිත පිළිබඳ වූ අවිනිශ්චිතතාවයෙන් යුක්‌තව සිදුකළ මෙම නිර්මාණයන් තුළින් දිස්‌වන්නේ අසම්පූර්ණ වූ සම්භාව්‍ය ස්‌වරූපයකි. මෙම චිත්‍ර කෘතීන්ගේ ශිල්පීය අංගයන්, රෝම චිත්‍ර කලාවට බෙහෙවින් සමාන වුවද ප්‍රස්‌තුතයන්ගේ දැඩි වෙනසක් දක්‌නට ලැබේ. එයට හේතුව වන්නේ රෝම සිතුවම් ශිල්පියාගේ අරමුණු වලට වඩා මෙම ශිල්පියාගේ අරමුණු වෙනස් වීමයි. තම අනුග්‍රාහකයන්ගේ හා සුධාරකයන්ගේ කැමැත්ත හා දිරිමත් කිරීම මත විවේකී පරිසරයේ හුදු සෞන්දර්යාත්මක ශිල්පීය අභිප්‍රායන් දිග හැරීමේ ක්‍රියාවලියක් රෝම සිතුවම් තුළදී දැකගත හැකිය.
නමුත් මුල් ක්‍රිස්‌තියානි කලාව තුළ ශිල්පියාගේ අභිප්‍රාය වූයේ ශ්‍රද්ධාව හා භක්‌තිය තමා තුළින් ප්‍රකාශනය වනවා මෙන්ම එතුළින් අන් බැතිමතුන්ගේ සිත් තුළ ආගම පිළිබඳ ශ්‍රද්ධාව භක්‌තිය ඇති කිරීමයි. සැබවින්ම එය ආගම පිළිබඳව ශිල්පියා විසින් තැබූ සත්‍යයේ සටහන වැනිය. ආගමික ප්‍රචාරය හා ආගමික ධර්මතාවන්ගේ යම් යම් ස්‌වරූපයන් සන්නිවේදනය කිරීම, අරමුණු කොටගෙන ඇත. එනිසාම මෙම චිත්‍ර නිර්මාණ තුළ සංකල්පනාත්මක වෙනසක් දැකිය හැකිය.
චිත්‍ර තුළ සංරචනය සංකේතාත්මකය, ජ්‍යාමිතික රටාවක් අනුව චිත්‍ර තලය බෙදා ගැනීමක් බොහෝ විට දක්‌නට ලැබේ. ඒ සඳහා කුරුසියේ සලකුණ සැරසිලි ආකාරයෙන් ගලපාගෙන තිබේ. බොහෝ විට කුරුසිය මධ්‍යයේ ෙ-සුස්‌වහන්සේ නිරූපණය කර ඇත්තේ යහපත් එඩේරාගේ ස්‌වරූපයෙනි. තමන්ගේ ගැලවුම්කාරයා පිළිබඳ වූ භක්‌තිය හා විශ්වාසය මින් හෙළිදරව් වේ. ෙ-සුස්‌වහන්සේ බොහෝ විට බැටළු පැටවුන් වඩාගෙන හෝ බැටළුවන් පිරිවරාගෙන නිරූපණය කර තිබේ. දණ හිසෙන් ඉහළ රළු ඇඳුමකින් යුක්‌තව, කෙවිටක් අතැතිව ඉතා සරල පුද්ගල රුවක් ලෙසින් නිරූපණය කර තිබේ. ෙ-සුස්‌වහන්සේ දුප්පතුන්ගේ ගැලවුම්කාරයකු ලෙස දක්‌වන්නට උත්සාහ දරා තිබේ. යාඥවේ යෙදී සිටින සාන්තුවරයන්ද, ෙ-සුස් වහන්සේගේ අනුගාමිකයන්ද මෙම චිත්‍ර තුළ වේ. ජ්‍යාමිතික ආකෘතීන් පාදක කොට ගනිමින් අඳින ලද සිතුවම් "පියරොස්‌මා සෙල්ලිනෝ" ශාන්තුවරයා සඳහා කරන ලද බිම් සොහොන් ගෙහි ඇති ඩෝමාකාර පියස්‌ස තුළ ඇති සිතුවම් අතර වේ. "ප්‍රිසිල්ලා" (PRISCILLA CATACOMB) හා "කැලික්‌ස්‌ටස්" (CALIXTUS CATACOMB) ආදී බිම් සොහොන් ගෙවල ඇති ඩෝමාකාර පියසිවලද මෙවැනි ඉතා රළු වූ චිත්‍ර ඇඳ ඇත. ඒවා බොහොමයක්‌මද ජ්‍යාමිතික ආකෘතීන්ගෙන් යුක්‌තය.
රහසිගත ආගමක් ඇදහුවද රෝම සමාජයේම ජීවත් වූ රෝම චර්යා ක්‍රම හා කලා ශිල්ප පිළිබඳ අවබෝධයෙන් හා දැනුවත් භාවයෙන් පරිපූර්ණ වූ ශිල්පීන් විසින් කරන්නට ඇතැයි මෙම සිතුවම් ආශ්‍රයෙන් නිගමනය කළ හැක. චිත්‍ර වල ශිල්පීය කුසලතාව පිළිබඳ විමසීමේදී සමස්‌තයක් ලෙස සෑම සිතුවමකම පාහේ ශිල්පියා ක්‍රියා කර ඇත්තේ ඉතා ආවේග ස්‌වරූපයෙනි. එයට හේතු ලෙස නිර්මාණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ආලෝකය නොමැතිකමත්, අපිරිසිදු වාතාශ්‍රය ඇතුළත පිරී තිබීමත්, ආරක්‍ෂාව ගැන තිබූ අවදානම වැනි කරුණු ශිල්පියා කෙරෙහි දැඩිව බලපාන්නට ඇතැයි සිතිය හැකිය.
ඔහුගේ රේඛාව ඉතා සරල විය. ඔහු අත රැඳි පින්සල් පහරින් මුදා හලේ ඔවුන්ගේ ආවේගයයි. ආගම පිළිබඳ ඔවුන් තුළ වූ භක්‌තිය හා ලැදිකම නොබිඳා අඛණ්‌ඩව පවත්වාගන යැමේ අප්‍රතිහත ධෛර්යයයි. මෙම සිතුවම් කුමන ආකාරයෙන් කළ ඒවා වුවත් සැබවින්ම, නූතන සිතුවම් කලා ශෛලීන් හා සමතැන්හි තැබිය හැකි ශෛලීය සුවිශේෂතා වලින් යුක්‌තය. ඇඳීමෙහි තිබූ නිසඟ හැකියාව තුළින් ආගම පිළිබඳ වූ මනෝභාවයනුත් ඔවුන් දත් පරිදි ෙ-සුස්‌වහන්සේගේ හා ඒ අවට පරිසරයේ අනෙකත් ජීවි අජීවී වස්‌තූන්ගේ ස්‌වරූපයත් දෘශ්‍ය රූපක බවට පත්කර ඇත්තේ ඉතා අව්‍යජ වූ නිර්මාණ සමූහයක් ලොවට දායාද කර දෙමිනි.

* ඩේවිඩ් පේන්ටර් *
ඩේවිඩ් පේන්ටර් ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වේ.
උපත 1900 මාර්තු 5
ඇල්ලෝරා, උතුරු ඉන්දියාව
මරණය 1975 ජුනි 9
නුවරඑළිය
ජාතිකත්වය ශ්‍රී ලාංකික
1900 වර්ෂයේ මාර්තු 5 වන දිනදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇල්ලෝරාහීදී මිෂනාරි පවුලකට දාව ඩේවිඩ් පේන්ටර් උපත ලැබී ය. ඔහුගේ පියා ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයෙකු වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් වූවාය.පසුකාලීනව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිය අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.
ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කල මුල්ම බිතු සිතුවම් වන්නේ 1929-1933 අතර කාලය තුල දී ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් වේ.[2]
1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගන්නා ලදී. 1956 දී ඔහු මෙරට රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති බවටද පත් විය.
ඔහුගේ නිර්මාණ .....
කැටපෝලය සහ ළමයා
නේපාලයේ අහිකුණ්ඨිකයෝ
ශ්‍රාවකයන් පා දෝවනය කිරීම
තම උඩුකය හා නෙළුම් මල්
නේපාල ජාතික මව හා දරුවා
කරත්ත කාරයෝ
රබන් වයන්නියෝ
මාළු කාරයෝ
අන්ධ වාදකයා
විජයග්‍රාහී ලෙස ජෙරුසලමට පැමිණීම (1923)
ක්‍රිස්තුස් වහන්සේගේ පරිවර්ථනය
එළුවන් හා පතොක්
මව සහ දරුවා (1950)
පූජාව
ඔබ සමත්ද?
අපරභාගය
කුරුසියේ ඇණ ගැසීම
අසරණයන්ට පිහිට වන්න
සුශිලා (1953)
- ත්‍රිත්ව දෙව් මැදුර -
ත්‍රිත්ව විදුහල මහනුවර නගරයේ ඇති ප්‍රධානම විද්‍යාලයකි. එහි දෙව් මැදුර ලෝපකටය. ඒ එහි ඇති සිතුවම් නිසාය. මේ දෙව් මැදුරට මුල් ගල් තබන විට විදුහල්පති ධුරය දැරූ ඒ. ජී. ෆ්‍රේසර් පියතුමාටත්, 1924 දී විදුහල්පති ධුරයට පැමිණ, දෙව් මැදුර ඉදිකිරීමේ කටයුතුවලින් වැඩි දායකත්වයක් දැරූ වූ ජේ. එම්. කැම්බල් පියතුමාටත් විශේෂ අරමුණක් තිබිණි. ඒ ක්‍රිස්තියානි වන්දනා මාන කටයුතු ඉපැරැණි සිංහල සම්ප්‍රදාය මත තැනූ ස්ථානයක සිදු කරන්නට අවස්ථාව සලසා දීමයි.
ලංකාවේ චිරන්තන සම්ප්‍රදාය කෙරෙහි හා පැරුණි ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි අවධානය යොමු කරමින් දෙව් මැදුරේ ඉදිකිරීම් සැලසුම් කෙරිණි. අනුරාධපුර හා පොලොන්නරු ඉපැරුණි නටබුන් හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ද දෙව් මැදුර ඉදිරිකිරීමේ දී අවධානය යොමු කළහ.
පලාපෙති වැනි දේශීය මෝස්තර කැටයම් කරන ලද ගල් කුලුනු මත ඒ දෙව් මැදුර ඉදිවන්නේ කිතුනු දහම දේශීය සම්ප්‍රදායන්ට අනුව හැඩගැන්වීමේ එකියන අවශ්‍යතාවන්ට අනුරූපව ය. නන්දන වීරසිංහයන් සිය කව් පෙළින් ගෙන හැර දක්වන්නේ ද සංස්කෘතීන් දෙකක් ඒකාබද්ධ කරන්නට කලාකරුවා දක්වන සාමර්ථයයි.
දෙව් මැදුර තනන්නට ඇවැසි විසල් කුලුනු තනන්නට ගැළපෙන ගල් පරයක් මහනුවර නගරයට ආසන්න අරුප්පොලින් ගෙන ආවේය. පේකඩ සඳහා ගම්මාලු දැව මාවනැල්ලෙන් ගෙන්වා ගන්නා ලදී. හල්මිල්ල දැව කැකිරාවෙන් ද යකඩ වෝකර් සහ සමාගමෙන් ද ලබා ගෙන තිබේ.
දක්ෂ ලාංකික ගල් වඩුවන් විසින් සකසන ලද සෙල් කුලුනුවල කැටයම් ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද ‘පෙරියසාමි’ ප්‍රමුඛ ශිලා කැටයම් කරුවන් විසිනි.
ත්‍රිත්ව දෙව් මැදුරෙහි කලාකාමීන් අගය කළ අංගයක් වූයේ ‘ඩේවිඩ් පේන්ටර්’ විසින් අඳින ලද සිතුවම් සමූහයයි. ඉංග්‍රීසි ජාතික මිෂනාරී පියෙකුට දාව සිංහල මවකගෙන් පේන්ටර් උපන්නේ ක්‍රි.ව. 1900 දී උතුරු ඉන්දියාවේ ‘ඇල්මෝරා’ හි දී ය. ත්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව බ්‍රිතාන්‍යයේ රෝයල් ඇකඩමියේ සිතුවම් කලාව හැදෑරී ය. ඩේවිඩ් පේන්ටර් යුරෝපීය සිතුවම් කලාවේ මූලික ආදර්ශ සහිතව නිර්මාණකරණයට පිවිසියෙකු සේ සැලකේ.
ඩේවිඩ් පේන්ටර් ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් අඳින විට ක්‍රිස්තියානි ආගමික තේමා නිරූපණයේ දී ඒවා යුරෝපීය පසුබිමක් තුළ නොව ලාංකීය පසුබිමක් තුළ නිරූපණය කිරීම මෙම සිතුවම්වල විශේෂ ලක්ෂණයක් සේ සැලකේ.
මෙරට නමක් රැන්දූ කීර්තිමත් චිත්‍ර ශිල්පීන්ගේ නාමාවලිය පිරික්‌සා බැලීමේදී චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් මහතා සුවිශේෂී චරිතයක් වන්නේ කාරණා කීපයක් හේතුවෙන්ය. ඔහු සතුව පැවැති සුවිශේෂී ප්‍රතිභාව ඉන් පළමු වැන්නය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පිහිටි දෙව් මැඳුර ඔහුගේ තෙළිතුඩින් නිර්මාණය වූ සිතුවම්වලට කදිම සාක්‍ෂියක් වන අතර ලෝ ප්‍රකට වතිකානු චිත්‍ර ශෛලිය මෙරටදී සිතුවමට නැඟීමේදී ඔහුට සම කළ හැකි තවත් කිසිවෙකු නොවූ තරමේය.
ජගත් කීර්තිධර චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් මහතා සම්බන්ධ කතා බහක් යළිත් සමාජය තුළින් මතු වන්නේත් ඒ පිළිබඳ මාධ්‍ය මගින් රටම දැනුවත් කරන්නේ ද ඔහුගේ චිත්‍ර පිළිබඳ වන කථිකාවක් පිණිස නොව ඒ හා බැඳුණු වෙනත් කාරණාවක් සම්බන්ධයෙන්ය. එම පුවතින් කියවෙන්නේ සියුම් ඉසියුම් රේඛාවන්ට පවා ජීවමය බවක් ලබා දෙමින් ඔහු විසින් නිර්මාණය කළ සිතුවම් 19 ක් හොරපාරෙන් "ඩීල්" දැමූ පුවතක් පිළිබඳවය. සරලව කියන්නේ නම් ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද සිතුවම් පමණක් නොව ඔහුගේ නාමයද විකුණාගෙන කෑමක් සම්බන්ධයෙන්ය.
1904 වර්ෂයේදී තම දෙමාපියන් සමගින් මෙරටට පැමිණි ඩේවිඩ් පේන්ටර් මහතා 1975 ජුනි මස 07 වැනිදායින් තම දිවිගමන නිමා කරන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියක් රටට අත්කර දෙමින්ය. ඔහු විසින් ඉතිරි කොට ගිය දේ අතර මිල කළ නොහැකි තරමේ වටිනාකමින් යුත් සිතුවම් රාශියක් තිබී ඇති අතර ඒවා සංරක්‍ෂණය කොට මහජන ප්‍රදර්ශනය පිණිස නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ තැන්පත් කොට තිබී ඇත.
වාර්තාවන ආකාරයට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඉන් සිතුවම් දහනවයක් ජාතියට තිළිණ කිරීම පිණිස කැලණි සරසවියේ සෞන්දර්ය පීඨයට භාර දී ඇත්තේ 2010 වර්ෂයේ එක්‌තරා දිනකය. එහි භාරකාරත්වය පවරා ඇත්තේ මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා වෙතය.
මුදලට වඩා ජාතියේ අභිවෘද්ධිය අපේක්‍ෂාවෙන් ඩේවිඩ් පේන්ටර් සිත්තරා විසින් තම අන්තිම කැමැති පත්‍රයෙන් කළ "ප්‍රදානයන්" සෞන්දර්ය විශ්වවිද්‍යාලය වෙත නොලැබීම පිළිබඳ තවත් පුද්ගලයෙකු විසින් 2015.09.25 දින මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කරන පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවය.
ඩේවිඩ් පේන්ටර් මහතාගේ කැමැත්ත පරිදි ජාතියේ ප්‍රයෝජනය පිණිස මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතාගේ භාරකාරත්වයට පැවරූ රුපියල් ලක්‍ෂ 190 ක් පමණ වටිනාකමින් යුත් සිතුවම් 19 ක " සැබෑ සිතුවම" මතු වන්නේ ඉන් අනතුරුවය. එහිදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් හෙළි කරගත් තොරතුරුවලට අනුව අදාළ නිර්මාණ 19 න් 11 ක් පමණ අන්සතු කොට තිබී ඇති අතර ඉන් චිත්‍ර නිර්මාණ දහයක් පමණ සොයා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සමත් වී ඇත. මේ වන විට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සොයාගත් නිර්මාණ දහයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය වෙත භාර දී ඇති අතර සිද්ධියට සම්බන්ධ මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා අධිකරණය මගින් මුදල් හා ශරීර ඇප මත නිදහස් කොට ඇත.
76 හැවිරිදි ඇසූ පිරූ තැන් ඇති මහාචාර්යවරයාත් කුඩුබීම පිණිස කෞතුකාගාරය බිඳින ලදැයි කියන "කුඩ්ඩාත්" අතර මොනයම් හෝ ගැලපීමක් නැතත් දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව දෙදෙනා විසින්ම කර ඇත්තේ නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු වැරදීන්ය

ඒ.සී.ජී.එස්.අමරසේකර (1883 – 1983)
A.C.G.S.Amarasekara (1883 – 1983)
ක්‍රි ව 1883 දී උපත ලද මුදළිඳු ඒ සී ජී එස් අමරසේකර මහතා, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව නගා සිටුවීමට විශාල මෙහෙයක් ඉටු කලේය. මොහු දියසායම් පැස්ටල් තෙල් සායම් ආදී විවිධ මාධ්‍යයන් උපයෝගී කොටගෙන චිත්‍ර නිර්මාණය කළ අතර, දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි.
ස්වභාව ධර්මය එක එල්ලේම නිරීක්ෂණය කිරීමත් විනිවිද පෙනෙන දියසායම් කෘතහස්ත අයුරින් භාවිතා කිරීමත් ඔහුගේ මුල් කාලීන කෘතිවල විශේෂ ලක්ෂණයකි. එවායේ ස්වභාවික සිත්ගන්නා සුලු බවක් තිබුනත් භාවනානුයෝගී ගතිය අඩුය. අමරසේකර මහතා ප්‍රදර්ශන සිතුවම් ඇදීම ප්‍රිය කල අතර මොහුගේ අවධානය වඩාත් යොමු වූයේ උඩුකය නිර්මාණය කෙරෙහිය.
දේශපාලනඥයන් විනිසුරුවන් මෙන්ම විවිධ පුද්ගලයන්ගේ උඩුකය සිතුවම් විශාල සංඛ්‍යාවක් මෙම ශිල්පියා විසින් නිර්මාණය කළ අතර, එම කෘතීන් වර්තමානයේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඇති කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත. මිනිස් රූ චිත්‍ර අඳින්නෙකු වශයෙන් අමරසේකර බෙහෙවින්ම ජනප්‍රිය වූයේ ඔහු තුළ තිබූ සුවිශේෂී හැකියාව නිසාය.
ඔහු විසින් චිත්‍රයට නගන ලද ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලයන් බොහොමයකි. මහත්මා ගාන්ධි,රවීන්ද්‍රනාත් තාගෝර්,ජවහල්ලාල් නේරු,අනගාරික ධර්මපාල,ඩී.එස්.සේනානායක,එස්.ඩ්බ්ලිව්,ආර්.ඩී.බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල,ආචාර්ය ඩබ්ලිව්.දහනායක,සර්.ඔලිවර් ගුණතිලක,ජේ.ආර්.ජයවර්ධන,ඩී.ආර්.විජයවර්ධන එසේ සිත්තමට නගන ලද සුපසන් චරිත අතර වූහ.
මොහු විසින් අඳින ලද ප්‍රතිමූර්ති සිතුවම් සංඛ්‍යාව අති විශාල වුවත් ඔහුගේ කෘති වලින් වැඩිහරියක් උසස් ගණයට නොවැටේ. චිත්‍ර කලාව පිළිබඳ වූ මූලධර්මයන් නොපිරිහෙලා ඔහු අනුගමනය කළ නිසා ඔහුගේ කෘතීන් දුර්වල වූ ස්වභාවිකත්වයකට පිරිහී ගිය බව පැවසේ.
මොහුගේ විශිෂ්ටතම නිර්මාණ අතර "යකැදුරු දියණිය" සිතුවම ප්‍රධාන වේ. 1936දී අඳින ලද මෙම සිතුවම තෙල්සායමින් වර්ණ ගන්වා ඇත. මෙය පළමු වරට ප්‍රදර්ශනය වූයේ 1936 වසරේ ලන්ඩනයේ "රෝයල් එම්පයර් සොසයිටි"(Royal Empire Socity) හිදීය. පසුව 1940-1942 අතර කාලයේ රාජකීය ඇකඩමියේද(Royal Academy) ප්‍රදර්ශනය විය. ගුප්ත විශ්වාසයන් පදනම් කර ගත් සිද්ධියක් වූ මෙහි සංරචනය වර්ණ සංයෝජනය හා ප්‍රකාශනයේ තීව්‍රතාවය ඉතා ඉහළ මට්ට්මක පවතී.
සියුම් වර්ණාලේපයත් වර්ණ ප්‍රභේද භාවිතයත් ආලෝකය හා අඳුර දැක්වීමත් චිත්‍රයේ කැපී පෙනේ. සියුම් ලෙස වර්ණ යෙදීමෙන් ගති ලක්ෂණ මතු කිරීමේ ශිල්පීය කුසලතාවය මැනවින් පැහැදිළි වේ. මෙයද ඔහුගේ අනෙකුත් කලාකෘතීන් මෙන්ම අතිශය තාත්විකය.
මුදළිඳු ඒ.සී.ජී.එස්.අමරසේකර මහතාගේ තවත් විශේෂිත සිතුවමක් ලෙස සැළකෙන්නේ “වඩුගෙදර” නම් කලා කෘතියයි. ප්‍රමාණයෙන් විශාල තෙල්සායම් චිත්‍රයක් වන මෙය දැනට කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත. දරිද්‍රතාවයෙන් පිරීගිය පවුලේ සාමාජිකයන්ගේ දුක්ඛිත බවත්, අඹුසැමියන් දෙදෙනා විසඳිය නොහැකි ගැටලුවකට මුහුණ දී ඇති බවත්, නිරූපිතය භාවිතා කර ඇති ඇඳුම් පැළඳුම් හා වඩු උපකරණ යනාදිය දෙස බලන විට, ඔහු මුහුදුබඩ ප්‍රදේශයක වඩු ජීවිතය පිළිබඳ ලබා තිබූ මනා පරිචය පිලිබඳව පැහැදිළි ය.
පැස්ටල් මෙන්ම දියසායම් හා තෙල් සායම් මාධ්‍යය තුළින් භූමි ද්ර්ශන තාත්වික අයුරින් දැක්වීමට අමරසේකර දක්වා ඇත්තේ අපූර්ව දක්ෂතාවයකි.එයට සාක්ෂි දරන ප්‍රධානතම සිතුවමක් ලෙස "රොස්මිඩ් ප්ලේස්" නම් සිතුවම විශේෂයෙන් සඳහන් කළ යුතුය.එහි උසට වැඩී ගිය ගහකොළ යන එන්නවුනට පාර දෙපැත්තේ සෙවණ දෙන අයුරු අපූර්වාකාරයකින් දැක්වීමට ශිල්පියා සමත්වී ඇත.දුඹුරු,කොළ යනාදී වර්ණ බහුලව යොදා ඇති මෙය තෙල් සායමින් නිම කර ඇත.
ඔහුගේ අනෙකුත් කලාකෘතීන්
01 කුණාටුව - සැඩ සුළඟකට හසුවී වැනෙන පොල් ගස් ප්‍රධාන කොට ගත් භූමි දර්ශනයක් මෙයින් දැක්වේ තඹ තහඩු මත චිත්‍ර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ අමරසේකර විසිනි
02 බුලර්ස් පාර්ක් -දියසයම් චිත්‍රයකි
03 ස්නානය කරන්නෝ - 1925 දිය සායම් චිත්‍රයකි ලන්ඩන්හි හ පැරිස් හි ප්‍රදර්ශනය කරන ලදි
04 සිද්ධස්ථානය වෙත පඩිපෙළ - 1932 දිය සායම් චිත්‍රයකි මහනුවර දළද මාළිගාව මෙයින් දැක්වේ ලන්ඩන්හිදී ප්‍රදර්ශනය කරන ලදි
05 රක්ෂා නැති අය - 1932 කැන්වස් මත තෙල් සායම්
(අමරසේකර පවසන අන්දමට මෙම සිතුවම අඳින ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සටන්කාමී කම්කරු නායකයා වූ ඒ ඊ ගුණසිංහ මහතාගේ යෝජනාවක් මතය කම්කරු වැඩ වර්ජනයක් හේතු කොට ගෙන වැඩ වර්ජකයෙකුගේ පවුලකට ඇති වූ දුක් පීඩා මෙයින් දැක්වේ)
06 කොළඹ මාවතක් - දියසායම් සිතුවමකි රාජකීය ඇකඩමියෙහි සහ පැරිස් හි ප්‍රදර්ශනය කරන ලදි
07 පූස් පැටවා - 1903 දියසායම් චිත්‍රයකි ලංකා කලා සංගමය මගින් පැවැත්වූ චිත්‍ර තරඟයට ඉදිරිපත් කළ මෙම සිතුවමට ප්‍රථම ස්ථානය ලැබිණි
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික කලා පාසල පිහිටුවන ලද්දේ අමරසේකර විසිනි.එහි අරමුණ වූයේ බටහිර ශෛලියේ චිත්‍ර ශිල්පය ඉගැන්වීමයි. ඔහුගේ සම්භාවනීය ශිෂ්‍යයන් අතර ජස්ටින් දැරණියගල හ හැරී පීරිස් වූහ. මිනිස් රූ චිත්‍ර අඳින්නෙකු වශයෙන් අමරසේකර ජනප්‍රිය විය. ඔහු විසින් චිත්‍රයට නගන ලද ලංකවේ ප්‍රමුඛතම පුද්ගලයන් බොහොමයකි. මහත්මා ගාන්ධි,රවීන්ද්‍රනාත් තාගෝර්,ජවහල්ලාල් නේරු,අනගාරික ධර්මපාල,ඩී.එස්.සේනානායක,එස්.ඩ්බ්ලිව්,ආර්.ඩී.බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල,ආචාර්ය ඩබ්ලිව්.දහනායක,සර්.ඔලිවර් ගුණතිලක,ජේ.ආර්.ජයවර්ධන,ඩී.ආර්.විජයවර්ධන එසේ සිත්තමට නගන ලද සුපසන් චරිත අතර වූහ.
මැජික් ශිල්පයටද මොහු දස්කම් දක්වා ඇත. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර මැජික් කරුවන්ගේ සංගමය අමරසේකරයන්ගේ දක්ෂතා අගයමින් එතුමාට උපහාර පිණිස ගෞරව සම්මානයක්ද පිරිනැමීය. "සිලෝන් මැජික් සර්කල්" නම් ලංකා මැජික් කවය ඇරඹීමට පුරෝගාමී වූයේද මොහුය. කලාභවනේ සැලැස්මද ඉදිරිපත් කර ඇත්තේ මොහු විසිනි. එය අදියර කීපයක් ඔස්සේ ඉදි කර දීමට මෙතුමාගෙන් ලැබුණේ පුළුල් දායකත්වයකි. විදේශීය චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍ර ඉදිරිපත් කළ මුල්ම දේශීය චිත්‍ර ශිල්පියාද මොහුය.
අමරසේකරයන්ගේ සියවැනි ජන්මදිනය යෙදී තිබූ1983 වසරේදී තවත් එක් සුවිශේෂී සිදුවීමක් සිදු විය.එනම් එතුමන් විසින් පෙන්වනු ලැබූ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස කොළඹ හැව්ලොක් ටවුමේ ඩෝසන් පාර "අමරසේකර මාවත" ලෙස නම් කරනු ලැබීමයි.
වසර සියයක් ආයු වළඳා මේ අසහාය කලාකරුවා 1983 මාර්තු මස 29 වන දින මෙලොව හැර ගියේ ඔහු පිළිබඳ සියලු මතකයන් අප හදට නංවන අග්‍රගණ්‍ය සිතුවම් රැසක් තවත් සියවස් ගණනාවකට ඉතිරි කරමිනි.

Subscribe to:
Posts (Atom)