Friday, November 17, 2017

* ඩේවිඩ් පේන්ටර් *

ඩේවිඩ් පේන්ටර් ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වේ.
උපත 1900 මාර්තු 5
ඇල්ලෝරා, උතුරු ඉන්දියාව
මරණය 1975 ජුනි 9
නුවරඑළිය
ජාතිකත්වය ශ්‍රී ලාංකික

1900 වර්ෂයේ මාර්තු 5 වන දිනදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇල්ලෝරාහීදී මිෂනාරි පවුලකට දාව ඩේවිඩ් පේන්ටර් උපත ලැබී ය. ඔහුගේ පියා ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයෙකු වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් වූවාය.පසුකාලීනව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිය අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.

ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කල මුල්ම බිතු සිතුවම් වන්නේ 1929-1933 අතර කාලය තුල දී ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් වේ.[2]

1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගන්නා ලදී. 1956 දී ඔහු මෙරට රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති බවටද පත් විය.

ඔහුගේ නිර්මාණ .....

කැටපෝලය සහ ළමයා
නේපාලයේ අහිකුණ්ඨිකයෝ
ශ්‍රාවකයන් පා දෝවනය කිරීම
තම උඩුකය හා නෙළුම් මල්
නේපාල ජාතික මව හා දරුවා
කරත්ත කාරයෝ
රබන් වයන්නියෝ
මාළු කාරයෝ
අන්ධ වාදකයා
විජයග්‍රාහී ලෙස ජෙරුසලමට පැමිණීම (1923)
ක්‍රිස්තුස් වහන්සේගේ පරිවර්ථනය
එළුවන් හා පතොක්
මව සහ දරුවා (1950)
පූජාව
ඔබ සමත්ද?
අපරභාගය
කුරුසියේ ඇණ ගැසීම
අසරණයන්ට පිහිට වන්න
සුශිලා (1953)

- ත්‍රිත්ව දෙව් මැදුර -

ත්‍රිත්ව විදුහල මහනුවර නගරයේ ඇති ප්‍රධානම විද්‍යාලයකි. එහි දෙව් මැදුර ලෝපකටය. ඒ එහි ඇති සිතුවම් නිසාය. මේ දෙව් මැදුරට මුල් ගල් තබන විට විදුහල්පති ධුරය දැරූ ඒ. ජී. ෆ්‍රේසර් පියතුමාටත්, 1924 දී විදුහල්පති ධුරයට පැමිණ, දෙව් මැදුර ඉදිකිරීමේ කටයුතුවලින් වැඩි දායකත්වයක් දැරූ වූ ජේ. එම්. කැම්බල් පියතුමාටත් විශේෂ අරමුණක් තිබිණි. ඒ ක්‍රිස්තියානි වන්දනා මාන කටයුතු ඉපැරැණි සිංහල සම්ප්‍රදාය මත තැනූ ස්ථානයක සිදු කරන්නට අවස්ථාව සලසා දීමයි.

ලංකාවේ චිරන්තන සම්ප්‍රදාය කෙරෙහි හා පැරුණි ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි අවධානය යොමු කරමින් දෙව් මැදුරේ ඉදිකිරීම් සැලසුම් කෙරිණි. අනුරාධපුර හා පොලොන්නරු ඉපැරුණි නටබුන් හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ද දෙව් මැදුර ඉදිරිකිරීමේ දී අවධානය යොමු කළහ.

පලාපෙති වැනි දේශීය මෝස්තර කැටයම් කරන ලද ගල් කුලුනු මත ඒ දෙව් මැදුර ඉදිවන්නේ කිතුනු දහම දේශීය සම්ප්‍රදායන්ට අනුව හැඩගැන්වීමේ එකියන අවශ්‍යතාවන්ට අනුරූපව ය. නන්දන වීරසිංහයන් සිය කව් පෙළින් ගෙන හැර දක්වන්නේ ද සංස්කෘතීන් දෙකක් ඒකාබද්ධ කරන්නට කලාකරුවා දක්වන සාමර්ථයයි.

දෙව් මැදුර තනන්නට ඇවැසි විසල් කුලුනු තනන්නට ගැළපෙන ගල් පරයක් මහනුවර නගරයට ආසන්න අරුප්පොලින් ගෙන ආවේය. පේකඩ සඳහා ගම්මාලු දැව මාවනැල්ලෙන් ගෙන්වා ගන්නා ලදී. හල්මිල්ල දැව කැකිරාවෙන් ද යකඩ වෝකර් සහ සමාගමෙන් ද ලබා ගෙන තිබේ.

දක්ෂ ලාංකික ගල් වඩුවන් විසින් සකසන ලද සෙල් කුලුනුවල කැටයම් ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද ‘පෙරියසාමි’ ප්‍රමුඛ ශිලා කැටයම් කරුවන් විසිනි.

ත්‍රිත්ව දෙව් මැදුරෙහි කලාකාමීන් අගය කළ අංගයක් වූයේ ‘ඩේවිඩ් පේන්ටර්’ විසින් අඳින ලද සිතුවම් සමූහයයි. ඉංග්‍රීසි ජාතික මිෂනාරී පියෙකුට දාව සිංහල මවකගෙන් පේන්ටර් උපන්නේ ක්‍රි.ව. 1900 දී උතුරු ඉන්දියාවේ ‘ඇල්මෝරා’ හි දී ය. ත්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව බ්‍රිතාන්‍යයේ රෝයල් ඇකඩමියේ සිතුවම් කලාව හැදෑරී ය. ඩේවිඩ් පේන්ටර් යුරෝපීය සිතුවම් කලාවේ මූලික ආදර්ශ සහිතව නිර්මාණකරණයට පිවිසියෙකු සේ සැලකේ.

ඩේවිඩ් පේන්ටර් ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් අඳින විට ක්‍රිස්තියානි ආගමික තේමා නිරූපණයේ දී ඒවා යුරෝපීය පසුබිමක් තුළ නොව ලාංකීය පසුබිමක් තුළ නිරූපණය කිරීම මෙම සිතුවම්වල විශේෂ ලක්ෂණයක් සේ සැලකේ.

මෙරට නමක්‌ රැන්දූ කීර්තිමත් චිත්‍ර ශිල්පීන්ගේ නාමාවලිය පිරික්‌සා බැලීමේදී චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් මහතා සුවිශේෂී චරිතයක්‌ වන්නේ කාරණා කීපයක්‌ හේතුවෙන්ය. ඔහු සතුව පැවැති සුවිශේෂී ප්‍රතිභාව ඉන් පළමු වැන්නය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පිහිටි දෙව් මැඳුර ඔහුගේ තෙළිතුඩින් නිර්මාණය වූ සිතුවම්වලට කදිම සාක්‍ෂියක්‌ වන අතර ලෝ ප්‍රකට වතිකානු චිත්‍ර ශෛලිය මෙරටදී සිතුවමට නැඟීමේදී ඔහුට සම කළ හැකි තවත් කිසිවෙකු නොවූ තරමේය.

ජගත් කීර්තිධර චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් මහතා සම්බන්ධ කතා බහක්‌ යළිත් සමාජය තුළින් මතු වන්නේත් ඒ පිළිබඳ මාධ්‍ය මගින් රටම දැනුවත් කරන්නේ ද ඔහුගේ චිත්‍ර පිළිබඳ වන කථිකාවක්‌ පිණිස නොව ඒ හා බැඳුණු වෙනත් කාරණාවක්‌ සම්බන්ධයෙන්ය. එම පුවතින් කියවෙන්නේ සියුම් ඉසියුම් රේඛාවන්ට පවා ජීවමය බවක්‌ ලබා දෙමින් ඔහු විසින් නිර්මාණය කළ සිතුවම් 19 ක්‌ හොරපාරෙන් "ඩීල්" දැමූ පුවතක්‌ පිළිබඳවය. සරලව කියන්නේ නම් ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද සිතුවම් පමණක්‌ නොව ඔහුගේ නාමයද විකුණාගෙන කෑමක්‌ සම්බන්ධයෙන්ය.

1904 වර්ෂයේදී තම දෙමාපියන් සමගින් මෙරටට පැමිණි ඩේවිඩ් පේන්ටර් මහතා 1975 ජුනි මස 07 වැනිදායින් තම දිවිගමන නිමා කරන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියක්‌ රටට අත්කර දෙමින්ය. ඔහු විසින් ඉතිරි කොට ගිය දේ අතර මිල කළ නොහැකි තරමේ වටිනාකමින් යුත් සිතුවම් රාශියක්‌ තිබී ඇති අතර ඒවා සංරක්‍ෂණය කොට මහජන ප්‍රදර්ශනය පිණිස නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ තැන්පත් කොට තිබී ඇත.

වාර්තාවන ආකාරයට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඉන් සිතුවම් දහනවයක්‌ ජාතියට තිළිණ කිරීම පිණිස කැලණි සරසවියේ සෞන්දර්ය පීඨයට භාර දී ඇත්තේ 2010 වර්ෂයේ එක්‌තරා දිනකය. එහි භාරකාරත්වය පවරා ඇත්තේ මහාචාර්ය ඇල්බට්‌ ධර්මසිරි මහතා වෙතය.

මුදලට වඩා ජාතියේ අභිවෘද්ධිය අපේක්‍ෂාවෙන් ඩේවිඩ් පේන්ටර් සිත්තරා විසින් තම අන්තිම කැමැති පත්‍රයෙන් කළ "ප්‍රදානයන්" සෞන්දර්ය විශ්වවිද්‍යාලය වෙත නොලැබීම පිළිබඳ තවත් පුද්ගලයෙකු විසින් 2015.09.25 දින මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කරන පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවය.

ඩේවිඩ් පේන්ටර් මහතාගේ කැමැත්ත පරිදි ජාතියේ ප්‍රයෝජනය පිණිස මහාචාර්ය ඇල්බට්‌ ධර්මසිරි මහතාගේ භාරකාරත්වයට පැවරූ රුපියල් ලක්‍ෂ 190 ක්‌ පමණ වටිනාකමින් යුත් සිතුවම් 19 ක " සැබෑ සිතුවම" මතු වන්නේ ඉන් අනතුරුවය. එහිදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් හෙළි කරගත් තොරතුරුවලට අනුව අදාළ නිර්මාණ 19 න් 11 ක්‌ පමණ අන්සතු කොට තිබී ඇති අතර ඉන් චිත්‍ර නිර්මාණ දහයක්‌ පමණ සොයා ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සමත් වී ඇත. මේ වන විට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව සොයාගත් නිර්මාණ දහයක්‌ කොළඹ විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය වෙත භාර දී ඇති අතර සිද්ධියට සම්බන්ධ මහාචාර්ය ඇල්බට්‌ ධර්මසිරි මහතා අධිකරණය මගින් මුදල් හා ශරීර ඇප මත නිදහස්‌ කොට ඇත.

76 හැවිරිදි ඇසූ පිරූ තැන් ඇති මහාචාර්යවරයාත් කුඩුබීම පිණිස කෞතුකාගාරය බිඳින ලදැයි කියන "කුඩ්ඩාත්" අතර මොනයම් හෝ ගැලපීමක්‌ නැතත් දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව දෙදෙනා විසින්ම කර ඇත්තේ නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු වැරදීන්ය

No comments:

Post a Comment